වයසට ගියාම ඉන්න විදිය බලාගන්න “FaceApp” use කරාද?

Thilina Viraj
4 min readJul 29, 2019
Source: google.com

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෑතකදී ගොඩක් කතා බහ උන FaceApp එක සහ ඒ ආකාරයෙන්ම ඇති වෙනත් apps ගැනත්. ගොඩක් කාලයක් ඉදල මිනිස්සු අතර තිබුන කුකුසක් තමයි, tech giants ලා ගොඩක් අය අපේ private data monetize කරනව කියන එක. ඊටත් අමතරව Facebook data privacy issues සහ GDPR කියන දේවල් එක්ක, මිනිස්සු මෑතකාලිනව ගොඩක් data privacy ගැන උනන්දු වෙනවා සහ ඒ පිලිබදව සැලකිලිමත් වෙනවා.

උදාහරණයක් ගත්තොත් shoes design ටිකක් google කරලා බලලා, ඊළඟට අපි website එකකට හරි social media site එකකට ගියාම ගොඩක් වෙලාවට, අපි දකින්නේ අපේ region එකේ තියෙන shoes offers. ඇත්තටම වෙන්නේ අපේ search patterns එහෙම identify කරගෙන එක base කරගෙන ads push කරන එක.

මෙන්න මේ කාලේදී තමයි FaceApp challenge එක කරලියට එන්නේ. මේක AI-based application එකක් වෙනවා වගේම Russian company එකක් තමයි මේක build කරලා තියෙන්නෙත්. පසුගිය මාසේ සැලකුවොත්, trending app list එකේ උඩම ඉදපු app එකක් තමයි මේ FaceApp එක.

source: google.com

අතීතයට ගියොත්, 2017දී තමයි මේකේ ආරම්භය වෙන්නේ. initial phase එකේදී, ඒ කියන්නේ 2017 දී මේ app එක භාවිතා කරලා අපි වෙනත් gender එකකදී ඉන්න විදිය තමයි පෙන්නලා තිබුනේ. මේ app එක ගැන මුලින්ම සැකයක් මතු වෙන්නේ, අපි upload කරන්න select කරපු photo එක අපේ consent ගන්නේ නැතුවම upload කරන feature එකත් එක්ක. ඒ කියන්නේ මේ photos select කරපු ගමන්ම, upload විම.

මෙතැනදී ගොඩක්ම ප්‍රශ්නයක් උනේ මේ app එක develop කරේ Russian based company එකක් වීම සහ මේකෙදි AI use කරලා තිබීම.

මුලිකවම සැලකිලිමත් වෙන්න ඕන, අපි upload කරන image එකටත් වඩා, app permission හරහා අපි මුළු gallery එකටම read access ලබා දෙන එකයි. සරලවම කිව්වොත් app owner ට පුළුවන් අපේ ඕනෑම photo එකක් read කරන්න. FaceApp එක විතරක් නෙවෙයි, ඕනෑම application එකක් install කරද්දී අපි අනිවාර්යයෙන්ම permissions ගැන සැලකිලිමත් වෙන්න ඕන.

නමුත් FaceApp එකට අදාලව මේ privacy concern එක raise වෙනකොට, app developer company එකේ පිළිතුර උනේ, user විසින් select කරන ලද photos විතරක් read කරනවා යන්න. ඊටත් අමතරව ඔවුන් දැනුම් දීල තිබුන අදාළ photo එක servers වල තියාගන්නේ පැය 48 කාලයක් පමණයි කියලත්.

මීලගට ගැටලුව ඇති උනේ, අපි විසින් upload කරන images වල අයිතිය ඔවුන් සතු වීම කියන term එක ඔවුන්ගේ T&C document (https://faceapp.com/terms) එකේ අන්තර්ගත වීම නිසා.

ඇත්තටම මේක ගැටළුවක් ද? අපි ගොඩක් දෙනා භාවිතා කරන facebook වලත් මේ term එක මේ විදියටම අන්තර්ගත වෙනවා.

එහෙනම් ඇයි FaceApp එකේදී විතරක් මේක මතු උනේ? අන්න එතැනදී තමයි ආපහු අර Russian company කතාව එලියට එන්නේ.

මෙතැනදී FaceApp එකට බනින ගොඩක් දෙනා කියන්නේ “Russians now own all your old photos.”

ලංකාවේ ගොඩක් අය ලියල තිබුන දෙයක් තමයි Russia වලට අපේ data අරගෙන මොනවා කරන්නද කියන එක. එකට පිළිතුර නම්, Who knows? අපේ data මත පදනම් වෙලා තමයි ගොඩක් companies එයාලගේ businesses grow කරගන්නේ. ඉතින් Russia වලට ඕනා නැති උනාට, අර third party companies වලට නම් අපේ data ගොඩක් වටිනවා

නමුත් අපි company එක පැත්තෙන් හිතුවොත්,එයාලගේ idea එක monetize කරගන්න තියෙන එක විදියක් තමයි ලැබෙන user information හැකිතාක් අලෙවි කිරීම. FaceApp එකෙන් ටිකක් එලියට ඇවිත් Facebook පැත්තට හැරුනොත්, ඔයාල යාළුවොත් එක්ක ඉන්න photo එකක් upload කරාම, කොතරම් වේගයෙන් ඒ image එකේ ඉන්න ඔයාලගේ යාළුවව Facebook මගින් suggestion විදියට එවනවද? අන්න ඒ skill එක develop කරන්න මේ වගේ images ගොඩක් වැදගත් වෙනවා.

ඒ විදියට user experience එකක් ලැබෙන්නෙත් අපිම කලින් upload කරපු images නිසාමයි කියල දැනෙද්දී හිතට තියෙන සතුට? :p

මිට අමතරව මේ data save කරපු data centers ගොඩක් Russia වලින් එළියේ තමයි locate වෙලා තියෙන්නේ. මෙතනදී විශේෂත්වය වෙන්නේ, යම් කිසි ගැටළුවක් ඇති උනොත් data සම්බන්දව එතැනදී බලපාන්නේ ඒ රටේ පවතින නිතිය වීම. හොදම උදාහරණයක් වෙන්නේ El Chapo කියන මත්ද්‍රව්‍ය ව්යාපරිකයව අත්ඩන්ගුවට ගන්න යන අවස්ථාවේදීUS officials ල ඔහුගේ data servers මාරු කරගන්නවා, America වලට ලේසිය්නෙම access කරන්න පුළුවන් රටක් වෙතට.

කොහොම උනත්, සිදුවුන දේවල් වලින් පස්සේ app owner තීරණය කරනවා සමහර terms define කරන්නත්, app installation එකේදී ඒ පිලිබදව user දැනුවත් කරන්නත්.

Source: google.com

මේ කොහොම උනත්, වයසට ගියාම ඉන්න විදිය දැන්ම බලාගන්න හදිසි වෙලා, privacy එක නැති කරගන්නවද කියන එක නම් ගොඩක් හිතන්න ඕන දෙයක්!

“It’s all about money.

These companies aren’t doing it because they want people to have fun,”

--

--